දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීම පිළිබඳ ධාරිතා ගොඩනැගීමේ වැඩමුළුව

ශ්‍රී ලංකාවේ නාගරික ඌන ජනාවාසවල ‘දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීම’ පිළිබඳ දෙදින ධාරිතා ගොඩනැගීමේ වැඩමුළුවක් UNICEF Sri Lanka අනුග්‍රහයෙන් ඔක්තෝබර් 23 සහ 24 යන දිනවල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. UDA, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව, දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය – පරිසර අමාත්‍යාංශය, USDA සහ UNICEF Sri Lanka යන ආයතනවල නිලධාරීන් මෙම වැඩමුළුවට සහභාගී විය. සභාපති, USDA සහ පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස්ගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උත්සවය පැවැත්විණි.

නා.ජ.ස.අ

2008 අංක 36 දරණ පාර්ලිමේන්තු පනත මගින් 2008 දී පිහිටුවන ලද නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය (USDA), නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. නාගරික ජනාවාස සංවර්ධනයට අදාළව ජාතික ප්‍රතිපත්ති සැකසීම සහ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම, අඩු ජනාවාසවල ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම, USDA පිහිටුවීමේ අන්තර් සම්බන්ධිත ද්විත්ව අරමුණු වේ.

අපව අමතන්න

copyright©2023 USDA | Powered by Talentfort