ලෝක ජනාවාස දිනය 2023

ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සෙත්සිරිපාය (අදියර 2) 11 වැනි මහලේ පිහිටි ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මගින් පාසල් සිසුන්ගේ කලා කුසලතා නංවාලීම සඳහා සංවිධානය කළ චිත්‍ර, රචනා හා නැටුම් තරගවලින් ජයග්‍රහණය කළ සිසු සිසුවියන්ට සහතිකපත්, සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමීම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු විය.

ලෝක ජනාවාස දිනය ලොව පුරා ක්‍රියාත්මක කරන එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ (UN-Habitat) ශ්‍රී ලංකා නියෝජිතයා වන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මඟපෙන්වීම අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් බේරුම්කරණ සතියක් ප්‍රකාශයට පත් කර ඇත. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මගින් මෙම සතිය පුරාවට විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත.

නා.ජ.ස.අ

2008 අංක 36 දරණ පාර්ලිමේන්තු පනත මගින් 2008 දී පිහිටුවන ලද නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය (USDA), නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. නාගරික ජනාවාස සංවර්ධනයට අදාළව ජාතික ප්‍රතිපත්ති සැකසීම සහ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම, අඩු ජනාවාසවල ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම, USDA පිහිටුවීමේ අන්තර් සම්බන්ධිත ද්විත්ව අරමුණු වේ.

අපව අමතන්න

copyright©2023 USDA | Powered by Talentfort