සභාපතිගේ පණිවිඩය

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ (USDA) මූලික පරමාර්ථය වන්නේ නාගරික ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සහ ඉලක්කය සවිබල ගැන්වීම සඳහා පරිපූර්ණ නාගරික සහ වාසස්ථාන සංවර්ධන ප්‍රවේශයක් යටතේ ඔවුන්ගේ නිවාස හා භෞතික පරිසරය සංවර්ධනය කිරීමයි.

2021 වර්ෂයේදීත් ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට හැකිවීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. වසර තුළදී ලැබූ කැපී පෙනෙන ජයග්‍රහණය වන්නේ අධිකාරියට කටුක ප්‍රශ්නයක් වී ඇති USDA අරමුදලේ නෛතික තත්ත්වයට අදාළ කරුණු භාණ්ඩාගාරයේ නීති කෙටුම්පත් අංශයේ මැදිහත්වීමෙන් විසඳා ගැනීමයි.

අධිකාරිය ශක්තිමත් කිරීම සහ එය අරමුදල හරහා භාණ්ඩාගාරය මත රඳා නොපවතින ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම අනාගතය සඳහා අපගේ ද්විත්ව අරමුණු වන අතර මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අපගේ කාර්ය මණ්ඩලයේ නොසැලෙන කැපවීම සටහන් කිරීමට මම සතුටු වෙමි.

USDA විසින් මුහුණ දුන් ප්‍රධාන බාධාවක් වූයේ ඉඩම් නොමැතිකමයි. මෙම ගැටලුවට විසඳුම් සෙවීමේ මාර්ගයක් ලෙස තැපැල් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර ප්‍රයෝජනයට නොගත් තැපැල් කාර්යාල පරිශ්‍ර සඳහා මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම ද විශාල ජයග්‍රහණයක් විය.

ඒ අනුව මහා භාණ්ඩාගාරයේ මුදල් අයකිරීමකින් තොරව මධ්‍යම පාන්තිකයින් සඳහා නිවාස ව්‍යාපෘති දියත් කිරීමේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ අපි අභිලාෂකාමී ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර 2021 දී තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ඒකක 408ක නිවාස ව්‍යාපෘතියක මූලික කටයුතු වත්තල වැලිසරදී ආරම්භ කරන ලදී.

නව ව්‍යාපෘති සඳහා හඳුනාගෙන ඇති ඉඩම්වල සූදානම් කිරීමේ කටයුතු දැන් සිදුවෙමින් පවතී.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ තැපැල් කාර්යාල පරිශ්‍රය

  • කඩුවෙල තැපැල් කාර්යාල පරිශ්‍රය
  • නිට්ටඹුව පළතුරු වතු වත්ත නිවාස ව්‍යාපෘතිය
  • අතුරුගිරිය සසසිරිපුර ඉඩම

මීට අමතරව අඩු ආදායම්ලාභී පවුල් සඳහා හික්කඩුව තුඩුවේගොඩ නිවාස ඒකක 32ක් සහ නාවලපිටියේ නිවාස ඒකක 83ක් ඉදිකිරීමට භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන මේ වසරේ අනුමත කර ඇත. මෙම ජයග්‍රහණවලට අමතරව ආයතනය තුළ ප්‍රසන්න සේවා පරිසරයක් නිර්මාණය කරමින් අධිකාරිය ආරම්භයේ සිටම අත්හිටුවා තිබූ කාර්යමණ්ඩල ශ්‍රේණිගත කිරීම් මේ වසරේදී අවසන් කිරීමට හැකිවීම සතුටට කරුණකි.

තවද, කාර්තුමය සේවක ඇගයීම් ආරම්භ කිරීම මගින් සේවක කාර්ය සාධනය වැඩිදියුණු කිරීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කරන ලදී. 2021 වර්ෂයේදී, වඩාත් කාර්යක්ෂම සේවාවක් මහජනතාවට ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අධිකාරියට හැකිවන පරිදි මානව සම්පත් පුරප්පාඩු පුරවන ලදී. කාර්ය මණ්ඩලයේ ආධ්‍යාත්මික දියුණුව සඳහා සෑම මසකම පුර පසළොස්වක පොහොය දිනට පෙර දින බෞද්ධ නාහිමිපාණන් වහන්සේ නමකගේ ප්‍රධානත්වයෙන් සමාධිය, ආත්ම දමනය සමඟ ආධ්‍යාත්මික ගුණධර්ම ඇති කරමින් ධර්ම දේශනාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ සීමාවන් සහ බාධා මධ්‍යයේ වුවද කාර්ය මණ්ඩල සාමාජිකයින්ට තම දැනුම පුළුල් කර ගැනීම සඳහා පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වීමට හැකි සෑම අවස්ථාවකම අවස්ථා ලබා දී ඇති බව ද සඳහන් කිරීම වටී. ‘ස්වශක්ති’ මානව සංවර්ධන වැඩසටහන යටතේ මේ වසරේ අප වෙත පැවරුණු තවත් වගකීමක් වූයේ තරුණ තරුණියන්ගේ භාෂා කුසලතා සහ මෘදු කුසලතා වැඩිදියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහන් සැලසුම් කිරීමයි.

සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලීන්හි යෙදී සිටින ව්‍යවසායකයින්ට අපනයන වෙළෙඳපොළ සහ දේශීය වෙළෙඳපොළ ප්‍රවේශ විය හැකි පරිදි සකස් කිරීමට අප කැපවී සිටින අතර ස්වයං වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින මෙම ව්‍යවසායකයින්ට ණය පහසුකම් ලබාදීම සඳහා මහජන බැංකුව අප සමඟ අත්වැල් බැඳගත් බව සිහිපත් කිරීමට කැමැත්තෙමි.

ඒ හා සමගාමිව වැඩසටහන් හරහා

  • ප්‍රජා සහභාගීත්ව වැඩසටහන
  • අධ්‍යාපනික වැඩසටහන
  • ස්වයං රැකියා වැඩසටහන
  • සංස්කෘතික, ආගමික සහ නිපුණතා සංවර්ධන වැඩසටහන

ළමුන්, දෙමාපියන්, තරුණ තරුණියන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා දිස්ත්‍රික්ක 16 ක ජනාවාස 27 ක වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.

නිරෝධායන ඇඳිරිනීතිය අතරතුර පවා, අපගේ කාර්ය මණ්ඩලය කොවිඩ් වසංගතය නොතකා තම කාර්යය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකමින් සෑම දිනකම සේවයට වාර්තා කළ අතර, 2021 වසරේ එක් දිනක්වත් කාර්යාලය වසා නොතිබීම සැලකිල්ලට ගත යුතුය.

USDA අල්ලස දූෂණයෙන් තොර රාජ්‍ය අංශයේ ආයතනයක් බවට විනයගරුක කාර්ය මණ්ඩලයකින් සහ ස්වයං මූල්‍ය ආයතනයකට බරක් නොවන බවට පත් කිරීමේ අපගේ ප්‍රමුඛ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සියලුම සේවකයින් එක සිතින් කැපවීමෙන් කටයුතු කරන බව සතුටින් සටහන් කරමි.

ප්‍රියන්ත රත්නායක

සභාපති

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය

නා.ජ.ස.අ

2008 අංක 36 දරණ පාර්ලිමේන්තු පනත මගින් 2008 දී පිහිටුවන ලද නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය (USDA), නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. නාගරික ජනාවාස සංවර්ධනයට අදාළව ජාතික ප්‍රතිපත්ති සැකසීම සහ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම, අඩු ජනාවාසවල ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම, USDA පිහිටුවීමේ අන්තර් සම්බන්ධිත ද්විත්ව අරමුණු වේ.

අපව අමතන්න

copyright©2023 USDA | Powered by Talentfort