new banner

ස්වයං රැකියා හා ව්‍යවසායකත්ව සංවර් ධන වැඩසටහන

2025 වර් ෂයේ ලෝක කාන්තා දිනය මාර් තු මස 08 වන දින සැමරීම නිමිති කරගනිමින්‚ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය‚ ස්වයං රැකියාවක් අපේක්ෂාවෙන් සිටින සහ දැනටමත් ස්වයං රැකියාවක නිරත වන ප්‍රජාව වෙනුවෙන් , එය වැඩිදියුණු කර ගැනීම සඳහා‚ අවශ්‍ය මගපෙන්වීම ලබා දෙමින්‚ තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට දේශීය සහ විදේශිය වෙළඳපොල  අවස්ථාව හඳුන්වාදීම සඳහා “ව්‍යවසායකත්වය තුළින් තිරසාර සංවර්ධනයක්” වැඩසටහන 2025.03.12 වන දින පෙ.ව 09.00ට වරාය අධිකාරිය ශ්‍රවනාගාරයේදි ප්‍රජාව 200කගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.

මෙම වැඩසටහන  ‚නාගරික සංවර්ධන ‚ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ  ගරු. නියෝජ්‍ය අමාත්‍ය  ටී.බී. සරත් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර එම අවස්ථාව සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති අසංක අබේවර්ධන මහතා‚ අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි ප්‍රියංකා ද සිල්වා මහත්මිය‚අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඉංජිනේරු ජානක පෙරේරා මහතා සහ අංශ ප්‍රධානින් ඇතුළු ආරාධිත අමුත්තන් ‍සහභාගි වන ලදි. එම වැඩසටහන සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන 26ක් සම්පත් දායකත්වය ලබා දෙන ලදි.

නාගරික සංවර්ධන ‚ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ  ගරු. නියෝජ්‍ය අමාත්‍ය  ටී.බී. සරත් මැතිතුමන් පොල්තෙල් පහන් සිළු දල්වමින්

නාගරික සංවර්ධන ‚ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ  ගරු. නියෝජ්‍ය අමාත්‍ය  ටී.බී. සරත් මැතිතුමන් සභාව ආමන්ත්‍රණය කරමින්

නාගරික සංවර්ධන ‚ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ ගරු. නියෝජ්‍ය ආමාත්‍ය ටී.බී සරත් මැතිතුමන් විසින් තිළිණ හා සහතික පත් ප්‍රදානය කරමින්

මනෝ උපදේශක  ව්‍යවසායක ප්‍රදීප් පරණගම මහතා විසින් ව්‍යවසායකත්ව අභිප්‍රේරණ දේශනය සිදු කරමින්

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති අසංක අබේවර් ධන මහතා විසින් තිළිණ හා සහතික පත් ප්‍රදානය කරමින්

රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සම්පත් දායකත්වය ලබා දෙමින්