නාගරික සංවර් ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ පවතින නාගරික ජනාවාස සංවර් ධන, අධිකාරි මගින් 2025 වර්ෂයේදී දිප ව‍්‍යාප්තව ක්‍රියත්මක සමාජ සංවර් ධන වැඩසටහනට අදාලව හෝමගම – මීගොඩ -හෙට්ටියාවත්ත ජනාවාසයේ පවතින සමාජ ගැටළු විසදිම සදහා ජංගම සේවා වැඩසටහනක් 2025.05.31 වන දින හෙට්ටියාවත්ත ශ්‍රී බෝධි බෞද්ධ මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.
මෙම ජංගම වැඩසටහනේදී එම ජනාවාසයේ ප්‍රජාවගේ සමාජ, ආර්ථික සහ සෞඛ්‍ය ගැටළු විසදා ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන ලදී. එ අනුව බටහිර වෛද්‍ය සායනය,දේශිය වෛද්‍ය සායනය, උප්පැන්න, විවාහ සහ හැදුනුම්පත් සහතික ලියාපදිංචි කිරිම, මනෝ උපදේශන සේවය සහ ස්වයං රැකියා නියුක්තිකයන් සදහා වෙළද පොල අවස්ථාවන් ලබාදිම ආදී වැඩසටහන් සමගින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ලොක දුම්වැටි විරෝධී සතියට සමගාමීව දුම්වැටි වෙළදාම අවම කිරිම සදහා වෙළදසැල් දැනුවත් කිරිම සහ හෝමගම ප්‍රදේශිය සභාව මගින් මෙම ජනාවාසයේ සියලු විථි ලාම්පු පිළිසකර කිරිම සිදුවිය.
මෙම වැඩසටහන නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය හා හෙට්ටියාවත්ත ස්වශක්ති ප්‍රජා සංවර්ධන සමිතිය මගින් සංවිධානය කල අතර, හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර් යාලය, බස්නාහිර පළාත් සෞඛ්‍ය දේපාර්තමේන්තුව, බස්නාහිර පළාත් ආයුර් වේද දේපාර්තමේන්තුව, අන්තරායක ඖෂධ පාලක අධිකාරිය,සෞඛ්‍ය අමාත්‍යංශයේ වතු හා නාගරික අංශය ආදී ආයතනයන්හි සම්පත් දායකත්වය ලබා ගැනිමට කටයුතු කරන ලදී.