new banner

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ 2025 වර්ෂයේ පෙබරවාරි මාසයට අදාලව ජනාවාස මට්ටමින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්

2025 වර් ෂයේ පෙබරවාරි මාසයට අදාලව සමාජ සංවර්ධන වැඩසටහනට සමගාමීව ප්‍රජා සවිබලකරණ වැඩසටහන යටතේ‚ පෙබරවාරි මාසයේදි ප්‍රජා සමිති 14ක් පිහිටුවන ලද අතර ‚ ඒ සඳහා ප්‍රජාව 630ක් සම්බන්ධ වන ලදි.

අ/අ

ජනාවාසයේ නම

ප්‍රජා සහභාගිත්වය

 

01

බොරැල්ල – සිරිසර උයන

32

02

දෙමටගොඩ – සියපත් සෙවන

15

03

ගාල්ල – මොහිදින් වත්ත

49

04

අම්බලන්ගොඩ – හඳඋඩුමුල්ල

22

05

බොරැල්ල – සිංහපුර 02වන අදියර

34

06

නාරාහේන්පිට – බෝලමේස වත්ත

40

07

වැල්ලවත්ත – ලක්මුතු සෙවන

48

08

බොරැල්ල – මෙත්සර උයන

37

09

හෝමාගම – හෙට්ටියාවත්ත

20

10

මට්ටක්කුලිය – හේනමුල්ල – මිහිජය සෙවන

109

11

හලාවත – නරියගොඩැල්ල

38

12

කොලොන්නාව – සංහිඳ සෙවන

64

13

ගම්පහ – මාහේනවත්ත

60

14

කළුතර – බෝසිරිපුර

62

හේනමුල්ල රන්මුතු සෙවන

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ සිරිමුතු උයන මහල් නිවාස සංකීර්ණයේ ප්‍රජාව හා ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. එහිදී මත්ද්‍රව්‍ය නිවාරණ සැලැස්මක් සකස් කිරීම හා මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව පිහිටුවන ලදි.මෙහිදී ප්‍රජාව 51ක් සම්බන්ධ වූ අතර මේ සඳහා සම්පත්දායකත්වය ලබාදෙන ලද්දේ මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) ආයතනය විසිනි.

නාගරික ජනාවාස සංවර් ධන අධිකාරියේ සභාපතිතුමන් සහ අධ්‍යක්ෂ ජනරාල්තුමියගේ ප්‍රධානත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සම්පත්දායකත්වය ලබා දෙනු ලබන මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා සහ වැඩසටහන් අධ්‍යක්ෂ අමරනාත් තැන්න මහතා හා ස්වේච්ඡා නිළධාරීන්ගේ සහභාගිත්වයෙන්  ප්‍රගති සමාලෝචන රැස්වීමක් 2025.02.07 වන දින පවත්වන ලදි. මෙහිදී ඉදිරි වැඩ සටහන් සැළසුම් කිරීමද සිදුවිය.

අධ්‍යාපනික වැඩසටහන යටතේ ‚

2025.02.16 වන දින වෘත්තිය පුහුණු වැඩසටහන අදාලව අනුරාධපුරය – තුරුඉතුරුගම ජනාවාසයේ ක්‍රියාත්මක වන මැහුම් පාඨමාලාවේ පසුවිපරම් කිරීම් සිදු කරන ලදී . ඒ සදහා නාගරික ජනාවාස සංවර් ධන අධිකාරියේ සභාපති අසංක අබේවර් ධන මැතිතුමන්ද සහභාගී වන ලදි.

අනුරාධපුර – තුරුඉතුරුගම ජනාවාසය තුළ ක්‍රියාත්මක වන මැහුම් පාඨමාලාවට අදාලව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති අසංක අබේවර් ධන මැතිතුමන් නිරීක්ෂණ කටයුතු වල නිරතවෙමින්

නායකත්ව, පෞරුෂත්ව සංවර්ධන හා මානසික සුවතාවය වර්ධනය කිරීමේ වැඩසටහන් 03ක් අනුරාධපුරය තුරුඉතුරුගම ‚කතරගම – ගෝතමීගම සහ හම්බන්තොට – සුනාමිගම ජනාවාසයන්හීදි ක්‍රියාත්මක කරන ලදි.ඒ සඳහා ළමුන් 119 ක් සහභාගී විය. එම වැඩසටහන් සඳහා සම්පත් දායකත්වය ලබා දෙනු ලැබුවේ සර් වෝදය ආයතනය මඟිනි.

අනුරාධපුර – තුරුඉතුරුගම

හම්බන්තොට -සුනාමිගම

කතරගම-ගෝතමීගම

පූර් ව ළමාවිය සංවර්ධන වැඩසටහන යටතේ සිරිමුතු උයන මහල් නිවාස සංකීර්ණයේ kidzwidz පෙර පාසලෙහි දරුවන් සම්බන්ධ කරගනිමින් දෙමව්පියන් සහ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.02.05 වන දින පෙ.ව 10.00 ට දිස්ත්‍රික් පූර් ව  ළමාවිය සංවර්ධන නිළධාරිනි දිලේකා මහත්මිය සම්බන්ධ කරගනිමින් පවත්වන ලදි. ඒ සඳහා ප්‍රජාව 14ක් සහ ළමුන් 20ක් සම්බන්ධ වන ලදි.

ළමා සමිති පිහිටුවීම යටතේ ගම්පහ – මාහේනවත්ත ‚ කොළඹ හේනමුල්ල හෙළමුතු සෙවණ මහල් නිවාස සංකීර් ණය ‚හේනමුල්ල රන්මුතු සෙවණ මහල් නිවාස සංකීරණය සහ අම්බලන්ගොඩ – හඳ උඩුමුල්ල සහ ටී.එච්.ඩබ් නිවාස ව්‍යාපෘතිය සහ නාරාහේන්පිට – බෝලමේසවත්ත යන ජනාවාසයන්හි ළමා සමිති 05ක් පිහිටුවන ලද අතර ළමා සමිති 02ක් යාවත්කාලීන කරන ලදි. ඒ සඳහා ළමුන් 256ක් සම්බන්ධ වන ලදි.

හේනමුල්ල රන්මුතු සෙවන

ළමා පුස්තකාල ස්ථාපිත කිරීම වැඩසටහන යටතේ මුවදොර උයන නිවාස ව්‍යපෘතියෙහි පුස්තකාල සාමාජිකයින් 100ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ළමුන් 100ක් සම්බන්ධ කරගනිමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

අධ්‍යාපන වැඩසටහන යටතේ කොලොන්නාව පුරදොර උයන සහ බතලවත්ත ජනාවාසයන්හි නොමිලේ උපකාරක පන්ති පැවැත්වීමේ වැඩසටහන් පවත්වන ලදි.මේ සඳහා ළමුන් 53ක් සම්බන්ධ වන ලදි.

බතලවත්ත ජනාවාසය

පුරදොර උයන ජනාවාසය

වෘත්තිය පුහුණු වැඩසටහන සඳහා ළමුන් 20ක් ජනාවාස මට්ටමින් හඳුනා ගත් අතර‚ වෘත්තිය පුහුණු වැඩසටහන යටතේ දිවුලපිටිය – මැදිකැලේවත්ත ජනාවාසයේදී එම ජනාවාසයේම ව්‍යවසායිකාවක් සම්බන්ධ කරගනිමින් කේක් නිෂ්පාදනය කිරීමේ පුහුණු වැඩසටහනක් 2025.02.18 වන දින පෙ.ව 10.00ට ප්‍රජාව 15ක් සම්බන්ධ කරගනිමින් පවත්වන ලදි.

ව්‍යවසායකත්ව සංවර් ධන වැඩසටහන යටතේ ස්වයංරැකියා පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන ලදි. එහිදී සබන් නිෂ්පාදනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් 02ක් බ්ලූමැන්ඩල් සිරිමුතු උයන සහ ජයමග සෙවන නිවාස ව්‍යාපෘතීන්හි  පවත්වන ලදි.ඒ සඳහා ප්‍රජාව 30ක් සම්බන්ධ වන ලදි. බයිට් වර් ග නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක්ද  කතරගම – ගෝතමීගම නිවාස ව්‍යාපෘතියෙහි පවත්වන ලද අතර ඒ සඳහා ප්‍රජාව 16ක් සම්බන්ධ වන ලදි. එමෙන්ම ස්වයං රැකියා පිළිබඳව දැනුවත් කිරීම් වැඩසටහන් 15 ක් පැවැත් වූ අතර ඒ සඳහා ප්‍රජාව 664ක් සම්බන්ධ වන ලදි.එම වැඩසටහන් කළුතර – බේරුවල – සුනාමි මහල් නිවාසය‚ කොළඹ සිරිසර උයන‚ සියපත් සෙවන‚ ගාල්ල මොහිදින් වත්ත‚ අම්බලන්ගොඩ හඳඋඩුමුල්ල‚ සිංහපුර අදියර2‚ නාරාහේන්පිට – බෝලමේසවත්ත‚ වැල්ලවත්ත – ලක්මුතු සෙවන‚ බොරැල්ල – මෙත්සර උයන‚ මීගෙඩ හෙට්ටියාවත්ත‚ හේනමුල්ල මිහිජය සෙවන‚ හලාවත නරියගොඩැල්ල‚ කොලොන්නාව – සංහිඳ සෙවන‚ ගම්පහ – මාහේනවත්ත‚ කළුතර – බෝසිරිපුර යන ජනාවාසයන්හීදී පවත්වන ලදි.

ගම්පහ – මාහේනවත්ත

කළුතර – බෝසිරිපුර

සිරිසර උයන

සංස්කෘතික වැඩසටහන යටතේ දිවුලපිටිය – මැදිකැලේවත්ත ජනාවාසයේ ළමුන් සම්බන්ධ කරගනිමින් සංස්කෘතික සහ රසවින්දනාත්මක වැඩසටහනක් පවත්වන ලදි.මේ සඳහා  සම්පත්දායක ආයතනය ලෙස දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර් යාලයේ සංස්කෘතික නිළධාරීන් ලබා දෙන ලදි. ඒ සඳහා ළමුන් 40ක් සම්බන්ධ වන ලදි.

කළුතර – බෝසිරිපුර

සිරිසර උයන