ප්‍රජා සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රජා සමිති පිහිටුවීම හා යාවත්කාලීන කිරීමට අදාලව. රත්මලාන- 37 වත්ත ජනාවාසය , තංගල්ල නගර නිවාස ව්‍යාපෘතිය හා මහර – ගල්වලවත්ත යන ජනාවාසයන්හි මාර් තු මාසයේදී ප්‍රජා සමිති 03ක් පිහිටුවන ලදි.
නව ජනාවාස නිරීක්ෂණය යටතේ වත්තල විජයකුමාරතුංග ජනාවාසය සහ මීගමුව – වැල්ලවීදිය ජනාවාස 2025.04.01 වන දින නිරීක්ෂණය කරන ලදි.
මෝදර – මට්ටක්කුලිය – මුවදොර උයන ජනාවාසයේ ප්‍රජා සංවර්ධන සමිතියේ මහාසභා රැස්වීම ප්‍රජාව 72කගේ සහභාගිත්වයෙන් 2025.03.28 පවත්වන ලදි.
2025.03.31 වන දින සෞඛ්‍ය සායන වැඩසටහන යටතේ මෝදර – මට්ටක්කුලිය – මුවදොර උයන ප්‍රජා සංවර්ධන සමිතිය විසින් සංවිධානය කරන ලද සහ HelpAge ආයතනයේ සම්පත්දායකත්වය යටතේ ප්‍රතිලාභින් 83 වෙනුවෙන් ජංගම අක්ශි හා වෛද්‍ය සායනයක් පවත්වන ලදි. එදින නව අක්ශි පරීක්ශා උපකරණ හදුන්වාදීම සදහා කැනඩාවේ අන්බා මහත්මිය හා ජපන් ජාතික සින්තාරෝ මහතා ද සහභාගි විය.මෙහිදී කොළඹ විශ්ව විද්‍යාලයේ, ප්‍රජා විද්‍යා අධ්‍යනාංශයේ අංශ ප්‍රධානි , සුනේත්‍රා පෙරේරා මහත්මියගේ සම්බන්ධීකරණය මත HelpAge ආයතනයේ වැඩසටහන් ප්‍රධානි එම්.එස් චමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සාර්ථකව පවත්වන ලදි.
අධ්‍යාපනික වැඩසටහනට අදාලව ළමා සමිති පිහිටුවීම යටතේමහර – ගල්වලවත්ත ජනාවාසය සහ තංගල්ල – නගර නිවාස ජනාවාසයන්හි ළමා සමිති 02ක් පිහිටුවන ලදි.
2025.03.22 වන දින හෝමාගම, මීගොඩ – හෙට්ටියාවත්ත ජනාවාසයෙහි උපකාරක පන්ති වැඩසටහන පවත්වන ලදි.
2025.03.24 වන දින හෝමාගම, හෙට්ටියාවත්ත ජනාවාසයේ ළමුන් වෙනුවෙන් විනෝදාත්මක හා අධ්‍යාපනික වැඩසටහනක් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙහි දායකත්වය ඇතිව ළමුන් 45 දෙනෙකු සහභාගිත්වයෙන් පවත්වන ලදි.
කෙටිකාලීන වෘත්තීය පුහුණු වැඩසටහන යටතේ අත්‍තනගල්ල – කුරුවමුල්ල ජනාවාසයේ කේක් නිෂ්පාදනය කිරීමේ පුහුණු වැඩසටහනක් 2025/03/25 වන දින ප්‍රජාවගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි .
පූර් ව ළමා විය සංවර්ධන වැඩසටහනට අදාලව 2025.03.24 වන දින දිස්ත්‍රික් මුල් ළමා විය සංවර්ධන නිලධාරී දිලේකා මහත්මියගේ සම්පත් දායකත්වයෙන් වඩුගොඩවත්ත ජනාවාසයේ මුතු මිණි පෙරපාසලේ ළමුන් හා දෙමව්පියන් තුළ ආකල්ප හා පෞරුෂත්වය සංවර්ධනය කිරීමේ අරමුණින් වැඩසටහනක් පවත්වන ලදී.
පූර් ව ළමා විය සංවර්ධන වැඩසටහනට අදාලව 2025.03.27 වන දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුර්ව ළමා සංවර්ධන නිලධාරීතුමියගේ සම්පත් දායකත්වයෙන් දිවුලපිටින – මැදිකැලේවත්ත ජනාවාසයේ සුපිපි පෙර පාසලේ ළමුන් හා දෙමව්පියන් තුළ ආකල්ප හා පෞරුෂත්වය සංවර්ධනය කිරීමේ අරමුණින් වැඩසටහනක් පවත්වන ලදී.
සංස්කෘතික වැඩසටහනට අදාලව 2025.03.26 දින වැලිහිඳ කඩුවෙල ජනාවාසයේ ප්‍රජා සංවර්ධන සමිතියේ විසින් ආගමික වැඩසටහනක් සංවිධානය කළ අතර,ඒ සඳහා ප්‍රජාව 58ක් සම්බන්ධ වන ලදි. මෙහිදී තුංහඳහේන – කොරතොට සුධර්මයාන සේනාසනයේ පූජ්‍යපාද ,විචිත්‍ර ධර්ම කථික, ශ්‍රීපුර සරණතිස්ස ස්වාමීන් වහන්සේ විසින් මෙම ධර්මදේශනාව සිදුකරන ලදි.