නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක සමාජ සංවර්ධන වැඩසටහන යටතේ නාගරික අඩු පහසුකම් සහිත ජනාවාසවල ප්‍රජාව‚ළමුන්‚තරුණ තරුණියන් සහ වැඩිහිටියන් ඉලක්ක කර ගනිමින් සමාජීය ‚ආර්ථික‚සංස්කෘතික‚අධ්‍යාපනික සහ ආධ්‍යාත්මික වශයෙන් ප්‍රජාව සවිබල ගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.
ඒ අනුව ‚ 2025 වර්ෂයේ සමාජ සංවර්ධන වැඩසටහනට සමගාමීව ප්‍රජා සවිබලකරණ වැඩසටහන යටතේ නාගරික අඩුපහසුකම් සහිත ජනාවාසවල ජීවත්වන ප්‍රජාවගේ ජීවන තත්වය උසස්කරලීම සඳහා ප්‍රජාව බලගැන්වීම මගින් සමාජීය වශයෙන් ඒකීයභාවයකට පත්කරලීම සඳහා අඛණ්ඩව වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.එහිදී ප්‍රජා මූල සංවිධාන පිහිටුවීම හා බලගැන්වීම යන වැඩසටහන යටතේ 2025 වර්ෂයේ ජනවාරි මාසය තුළදී ප්‍රජා සමිති 09ක් පිහිටුවන ලද අතර ඒ සඳහා ප්‍රජාව 413ක් සම්බන්ධ වන ලදි.
අධ්‍යාපනික වැඩසටහන යටතේ අඩුපහසුකම් සහිත ජනාවාසවල ජීවත්වන දර්වන්ට අධ්‍යාපනය තුළින් තරඟකාරී ලෝකයකට පිවිසීම සඳහා අවශ්‍ය වන දැනුම ‚ආකල්ප ‚කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණෙන් යුතුව ළමා සංවර්ධන වැඩසටහනට අදාලව ළමා සමිති 02ක් පිහිටුවන ලද අතර ඒ සඳහා ළමුන් 97ක් සම්බන්ධ වන ලදි.
ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන යටතේ නාගරික බලප්‍රෙද්ශයන්හි ජීවත්වන අඩු ආදායම්ලාභී ප්‍රජාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන හරහා ස්වයං රැකියාවක නියුතු හෝ ස්වයං රැකියාවක් අපේක්ෂිත හා කුසලතාවයක් දක්වන පිරිස ඉලක්ක ගත කණ්ඩායම ලෙස හඳනාගනිමින් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ අනුව ස්වයංරැකියා පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනට අදාලව ස්වයංරැකියා අපේක්ෂිතයින් හා නියුතු වූවන් දැනුවත් කිරීමේ වැඩසටහන් 11ක් ජනාවාස 11ක් තුළ ක්‍රියාත්මක කරන ලද අතර එහිදී ප්‍රජාව 438ක් ඒ සඳහා සම්බන්ධ වන ලදි. එමෙන්ම ස්වයං රැකියා පුහුණු වැඩසටහන් යටතේ ජනාවාස 02ක සබන් නිෂාපාදනය කිරීමේ වැඩසටහන් 02ක් පැවැත් වූ අතර ඒ සඳහා ප්‍රජාව 38ක් සම්බන්ධ වන ලදි.
බහුවිධ සංස්කෘතීන් පිළිගන්නා සහජීවනයෙන් හා මානව ගරුත්වයෙන් යුතු විචාරශීලී නව සංස්කෘතික මිනිසෙකු නිර්මාණය කර ගැනීම අරමුණු කරගනිමින් සංස්කෘතික හා සෞන්දර්ය කුසලතා වැඩසටහන යටතේ ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර එහිදී ළමුන් 40ක් සම්බන්ධ වන ලදි.