අඩු පහසුකම් නාගරික ජනාවාසයන්හි තරුණ තරුණියන් සම්බන්ධ කර ගනිමින් තරුණ සමිති පිහිටුවීම හා ක්රීඩා කණ්ඩායම් සංවිධානය කිරීම තුළින් මෙම තරුණ තරුණියන්ගේ ක්රීඩා කුසලතාවයන් ප්රවර්ධනයට කටයුතු කරනු ලබයි. ඒ අනුව සෑම වර්ෂයකම ලෝක ජනාවාස දින සැමරීමට සමගාමීව සය සාමාජික සැහැල්ලු පන්දු ක්රිකට් තරඟාවලියක් සංවිධානය කරනු ලබන අතර, ඒ සදහා කාන්තා හා පිරිමි වශයෙන් කණ්ඩායම් සම්බන්ධ වේ. මේ වන විට සමස්ථ ක්රීඩා කණ්ඩායම් 500 ක සංචිතයක් ගොඩ නගා ඇත.
මීට අමරතව නායකත්ව හා පෞර්ෂ සංවර්ධන වැඩසටහන් මගින් ඔවුන්ගේ ශක්තීන් හඳුනා ගැනිමට ජනාවාස හා ජාතීන් අතර සුහදතාවය වර්ධනය කිරීමත් මූලික අරමුණු අතර වේ.