ලෝක ජනාවාස දිනය 2016

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1985 වසරේ දී පළමු ලෝක ජනාවාස දිනය ස්ථාපිත කරන ලද අතර පළමු සැමරැම 1986 වර්ෂෙය්දී සිදුකරන ලදී. එතැන් සිට සෑම වසරකම ඔක්තෝබර් මස පළමු සඳුදා ලෝක ජනාවාස දිනය ලෙස නම් කර ඇත.

නිවාස අංශය සඳහා යහපත් ප්‍රතිඵල ලබාදීම ගැනීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මග පෙන්වීම යටතේ ලෝක ජනාවාස දිනය සැමරීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් ප්‍රධාන කාර්යභාර්යක් ඉටුකරන ලදී.

සෑම වසරකම ජනාවාස දින තේමාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජනාවාස න්‍යාය පත්‍රයට අදාල කාලීන ගැටළු මත පදනම්ව ප්‍රකාශයට පත් කර ඇත. “නිවාසකරණය මුල්තැනට”, මෙම වර්ෂයේ තේමාව ලෙස නිවාස අංශය සඳහා තිරසාර සංවර්ධන ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කරන්නාවූ එක්සත් ජාතීන්ගේ ජනාවාස ප්‍රඥ්ප්තියට අවධානය යොමු කරමින් තෝරා ගෙන ඇත. මේ නිසා ප්‍රාදේශීය මට්ටමේදී නාගරික සැලසුම්කරණය සඳහා නිවාසකරණ‍යෙහි වැදගත්කම සවිගැන්වීමට මෙන්ම නගර හා ප්‍රජාවගේ සංවර්ධනයට අදාළවූ ප්‍රවේශක් විය.

“ස්වශක්ති” ළමා සිතුවම් තරගාවලිය

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ස්වශක්ති මානව සංවර්ධන වැඩසටහනින් දරු දැරියන්ගේ සෞන්දර්ය කුසලතා ප්‍රවර්ධනය සඳහා සුවිශේෂි අවධානය යොමු කර ඇති අතර ඒ අනුව යමින් කොළඹ දිස්ත්‍රික්කයේ හා දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කයන් හි “සැමට සෙවණ” නිවාස ව්‍යාපෘතීන් ද ආවරණය කරමින් අඩු පහසුකම් ජනාවාසයන්හි වයස් කාණ්ඩ අනුව දරු දැරියන් 15,000 කගේ සහභාගිත්වයෙන් ජනාවාස දින සිතුවම් මුලික තරඟ පැවැත් විය. එහි කුසලතාවය දැක්වූ ළමා සිත්තරුන් 3000 ක් තෝරා ඔවුන්ගේ සහභාගීත්වයෙන් අවසන් තරග 2016 සැප්තැම්බර් මස 24 වන දින කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී දිවංගත ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ ආර්යාවගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

ජයග්‍රාහි ළමා සිත්තරුන්ට තිළිණ හා සහතිකපත් ලෝක ජනාවාස දින සමුථවේදී ප්‍රදානය කරනු ලබයි.

වේදිකාවෙන් කළ එළි දුටු “ස්වශක්ති” ළමා කෙටි නාට්‍ය උළෙල

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් කොළඹ හා තදාසන්න නාගරික කලාපයන්හි අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත්වන දරු දැරියන් ඒකරාශි කර ගනිමින් ඔවුන්ගේ කලා කුසලතා ප්‍රවර්ධනය කිරිම, කණ්ඩායම් සාමූහිකත්වය, පෞර්ෂත්ව වර්ධනය, නායකත්වය ගෙන ක්‍රියාකිරිමට හුරු කිරිම යන අරමුණු පෙරදැරිව 2010 වර්ෂයේ සිට අඛණ්ඩව ලෝක ජනාවාස දින සැමරුමට සමගාමීව ස්වශක්ති ළමා  කෙටි නාට්‍ය උළෙල ද පවත්වනු ලබයි.  

මෙම නාට්‍ය උළෙළ අදියර 2 කින් පවත්වනු ලබන අතර, පළමු අදියර සදහා ඉදිරිපත් වූ නාට්‍ය කණ්ඩායම් 58 කින් කුසලතාවය දක්වන ලද නාට්‍ය 20 ක් අවසන් අදියර සඳහා තෝරා ගන්නා ලද අතර  එම අවසන් අදියර තරඟ 2016 සැප්තැම්බර් මස 12 වන දින මාලිගාවත්ත – ප්‍රදීපා ශාලාවේදී දිවංගත ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ ආර්යාවගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

එම ජයග්‍රහණය කරන ලද නාට්‍යයේ ජයග්‍රාහකයින් සදහා තිළිණ හා සම්මාන පිරිනැමීම ලෝක ජනාවාස දින සමුළුවේදී සිදුකිරිමට කටයුතු කරනු ලබයි.

ස්ථානය නාට්‍යයේ නම කලාපය ජනාවාසය
ප්‍රථම ස්ථානය පින්මද පුතුන් නැගෙනහිර$ බටහිර

කොල්ලූපිටිය,

නෙල්සන් පටුමග

දෙවන  ස්ථානය අපට වෙච්ච දේ උතුරු කොළඹ බ්ලූමැන්ඩල් 
තෙවන ස්ථානය බෝනික්කෝ බොරැල්ල දැඩිමුත්තුඩුව
නිර්මාණශීලී චින්තනයකට පෙර මං තනන “ස්වශක්ති” ළමා රචනා තරගාවලිය

නාගරික අඩු පහසුකම් හා අඩු ආදායම්ලාභී ප්‍රජාවගේ හැකියාවන්, කුසලතාව හා ආකල්ප වර්ධනය තුළින් නිර්මාණශීලී වූ චින්තනයකට හිමිකම් කියනු ලබන දරුවෙකු තැනුම ස්වශක්ති මානව සංවර්ධන වැඩසටහනේ තවත් එක් අභිප්‍රායක් වේ.
විවිධ වූ මානව සංවර්ධන වැඩසටහන් අතර ළමුන් වෙනුවෙන් පැවැත්වූ ළමා රචනා තරගාවලිය සුවිශේෂ වන්නේ අවාචික සන්නිවේදන වපසරිය දිරිගැන්වීම තුළින් තම හැගීම්, ආකල්ප නිර්මාණශීලීව එළිදැක්වීමේ මාධ්‍යයක් ලෙස මෙම ළමා රචනා තරගාවලිය හදුන්වාදීමට හැකිවේ.
ගෝලීයකරණ ප්‍රවාහයට නතුව සිටින ලෝක ප්‍රජාව තම භාෂණය හා ලේඛනය නව මාධ්‍යකරණ තුළ අන්තර්ග්‍රහණය කරන යුගයක ස්වශක්තීන් හදුනාගනිමින් සම්ප්‍රදායික මාධ්‍ය කලාව තුළින් ධනාත්මක ප්‍රවේශයක් ගොඩනැංවීම කාලෝචිත වූවක්වේ.
කොළඹ නාගරික කලාපයන් ආවරණය වන පරිදි අඩු පහසුකම් සහිත ප්‍රජාව ජීවත් වනු ලබන සමාජ පද්ධතිය ආශ්‍රිත පාසල් 40 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ කර ගනිමින් මෙම තරගාවලිය පවත්වන ලදි.
ප්‍රාථමික, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ වශයෙන් අංශයන් නියෝජනය කරමින් පැවති තරගයේ ජයග්‍රාහකයින් සදහා ලෝක ජනාවාස දින ජාතික සමුථවේදී තිළිණ හා සහතිකපත් පිරිනැමීමට කටයුතු කරනු ලැබේ.

තරුණ්‍යයේ ක්‍රිඩා කෞශල්‍ය වර්ධනය කරන්නට සය සාමාජික ක්‍රිකට් තරගාවලිය

කොළඹ නගරයේ අඩු පහසුකම් ජනාවාසයන්හි නාගරික තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය, සමූහිකත්වය, කණ්ඩායම් හැඟීම, ආකල්ප වර්ධනය, ජය පරාජය සැවොම එක්ව සැමරීම ආදී වටිනා ගුණාංගයන් ඔප්නැංවීම අරමුණු කර ගනිමින් ලෝක ජනාවාස දිනය සැමරීමට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය සංවිධානය කරනු ලැබූ ස්වශක්ති සය සාමාජික සැහැල්ලූ පන්දු ක්‍රිකට් තරගාවලිය තරුණ තරුණියන් 1,500 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් හා ක්‍රීඩා කණ්ඩායම් 150 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කර ගනිමින් මූලික තරඟ පැවැත්වීය.
මෙම තරගාවලියේ අවසන් මහා තරඟය සැප්තැම්බර් මස 17 වන දින රාජගිරිය බණ්ඩාරනායකපුර ක්‍රීඩාංගණයේ දී උත්සවාකාරයෙන් පැවැත්වු අතර ජයග්‍රාහකයින්ට හිමි තිළිණ හා සහතික පත් ලෝක ජනාවාස දින ජාතික සමුළුවේදී
ප්‍රදානය කිරිමට නියමිත වේ.

“වෘත්තීය නිපුණත්වයෙන් ජීවිතය ජයගන්න” වෘත්තීය පුහුණු පාඨමාලා වැඩසටහන

ශ්‍රී ලංකා සමාජය තුළ පාසල් අධ්‍යාපනයෙන් පසු බොහෝ විට තාරුණ්‍යය රැකියා වියුක්තියෙන් සමාජය තුළ හුදකලා තත්ත්වයට පත් වේ. එම හුදකලා බවට පත් වූ නාගරික අඩු පහසුකම් සහිත තරුණ තරුණියන් විවිධ වූ ශීල්පීය නිපුණත්වයෙන් හෙබි පිරිසක් වන අතර, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය තාරුණ්‍යයේ අනාගතය සුරක්ෂිත කරලීම උදෙසා ඔවුන් සමග අත්වැල් බැදගනිමින් ඔවුන්ව මෙහෙයවීමේ සමාජ වගකීම ඉටු කරනු ලබයි.

ඒ අනුව තරුණ දූදරුවන් පාසල් අධ්‍යාපනයෙන් පසුව විධිමත් වෘත්තීමය පාඨමාලාවන්ට හා රැකියා අවස්ථාවන් සදහා යොමු කිරීමේ වැඩසටහනක් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ “ස්වශක්ති” මානව සංවර්ධන වැඩසටහන ඔස්සේ සුවිශේෂී අවධානයක් යොමු කරමින් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය “NAITA” හා ඒකාබද්ධව දීපව්‍යප්තව ක්‍රියාත්මක කරනු ලබයි.

“නිරෝගීමත් ජන ජීවිතයක් උදෙසා” ප්‍රජා වෛද්‍ය සායනික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

කොළඹ හා ඊට තදාසන්න නාගරික කලාප ආවරණය වන පරිදි ඌන පහසුකම් නාගරික ජනාවාසයන්හි දිළිදු දරුපවුල්වල සෞඛ්‍ය , පෝෂණය හා මෙම ප්‍රජාවන්ගේ ඒ ආශ්‍රිතව වන දැනුවත්භාවය ඉහළ නැංවීම හා විශේෂයෙන් වර්තමානයේ වඩා වැදගත් අවධානයක් යොමු විය යුතු වකුගඩු රෝග නිවාරණය පිළිබදව ප්‍රතිකාර හා දැනුවත් කිරීම අරමුණු කරගනිමින් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ “ස්වශක්ති” මානව සංවර්ධන වැඩසටහන මැදිහත්වීමෙන් ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුව හා දන්ත වෛද්‍ය විද්‍යායතනය ඒකාබද්ධව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.
මෙහිදී ආයුර්වේද වෛද්‍ය සායනික හා උපදේශන සේවා, වකුගඩු රෝගය ආශ්‍රිත සායනික හා උපදේශන සේවා, දන්ත වෛද්‍ය සායනික හා උපදේශන සේවාවන් ජනාවාස ආශ්‍රිතව පොදු ස්ථානයන්හි දී දහසකට අධික දරුපවුල් ප්‍රමාණයකට ප්‍රතිලාභයන් හිමිකර දෙමින් ක්‍රියාත්මක කරන ලදී.

ලෝක ජනාවාස දිනය 2015
English English සිංහල සිංහල தமிழ் தமிழ்