හලාවත නරියාගොඩැල්ල නිවාස ව්‍යාපෘතියේ ප්‍රජා ශාලාව ජනතා අයිතියට පත් කරන ලදි

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක හලාවත නරියගොඩැල්ල නිවාස ව්‍යාපෘතියේ නව ප්‍රජා ශාලාව අධිකාරියේ සභාපති ජේ. එස්. ඩී. එම්. අසංක අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 ලෝක ජනාවාස දින සැමරුමට සමගාමීව පසුගියදා ජනතා අයිතියට පත්කරන ලදි.

 

මෙම ඉදිකිරීම් සඳහා අධිකාරියේ අභ්‍යන්තර උත්පාදන අරමුදල් රු. මි. 4 පමණ පිරිවැයක් දරා ඇති දරු පවුල් 57 ක ප්‍රජාවකට තම පොදු ප්‍රජා සාමාජීය කාර්යයන් වඩා පහසුවෙන් ඉටුකර ගැනීම මෙමඟින් පිටිවහලක් ලැබෙනු ඇත.  මෙම ඉදිකිරීම් කාර්යය අධිකාරියේ සභාපතිතුමා හා අධ්‍යක්ෂ ජනරාල්තුමියගේ අධීක්ෂණය හා මඟ පෙන්වීමෙන් ඉංජිනේරු අංශයෙන් හා සමාජ සජීවිකරණ අංශයේ සම්බන්ධීකරණයෙන් යුතුව ක්‍රියාත්මක කරන ලදි. සමාරම්භක උත්සවය එම අංශයන් නියෝජනය කරමින් නිලධාරීන් හා ප්‍රජාවගේ සක්‍රීය දායකත්වයෙන් සිදු කරන ලදි. 

About the Author

You may also like these