නව අධ්‍යක්ෂ ජනරාල් කේ.කේ.ඩබ්ලිව්. තුෂාරි ප්‍රියංකා ද සිල්වා මහත්මිය රාජකාරී ආරම්භ කිරීම

DG assign duties

කේ.කේ.ඩබ්ලිව්. තුෂාරි ප්‍රියංකා ද සිල්වා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ (USDA) අධ්‍යක්ෂ ජනරාල් ලෙස 2024 නොවැම්බර් 19 වන දින අධිකාරියෙහි අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ පැවති උත්සවයකදී නිල වශයෙන් වැඩ භාර ගන්නා ලද අතර, අධිකාරියෙහි සභාපති අසංක අබේවර්ධන මහතා සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ද සහභාගී විය. කේ.කේ.ඩබ්ලිව්. තුෂාරි ප්‍රියංකා ද සිල්වා මහත්මිය සැලසුම් සහ කළමනාකරණ විෂයයන් පිළිබඳ වසර 20 කට වැඩි පළපුරුද්දක් ඇති අතර මෙම පත්වීමට පෙර ඇය නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියෙ හි සැලසුම් සහ කළමනාකරණ තොරතුරු පද්ධතියේ අධ්‍යක්ෂ තනතුර හොබවා ඇත. ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා විෂය ධාරාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය හැදෑරූ ආදි ශිෂ්‍යාවක් වන අතර ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් (SLIDA) රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත.

About the Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may also like these