නාගරික අඩු පහසුකම් ජනාවාස හා නිවාස ජාතික සංගණනය 2025
2008 අංක 36 දරන නාගරික ජනාවාස සංවර්ධන අධිකාරී පනතින් පැවරුන බලතල ක්‍රියාවට නංවමින් නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යංශයේ උපාය මාර්ගික සැලැස්මට අනුගත වෙමින් ශ්‍රී ලංකාවේ සමස්ථ නාගරික බල ප්‍රදේශ ආවරණය වන පරිදි ජන හා නිවාස සංගණනයක් පැවැත්වීමට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් පවතී.
කැලණිය විශ්ව විද්‍යාලය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධානය කර ඇති මෙම සංගණනය මගින් නාගරික අඩුපහසුකම් ජනතාවගේ සමාජීය ආර්ථික සංස්කෘතික හා සෞඛ්‍ය අධ්‍යාපනික ආදී ක්ෂේත්‍රයන් රැසක සමාජීය පැතිකඩ ආවරණය කරනු ඇත. මෙම දත්ත පද්ධතිය ලංකාවේ නාගරික හෝ ඕනෑම සංවර්ධන ක්‍රියාවලියක් වෙනුවෙන් දෛනික තොරතුරු සම්පාදනය කරනු ලබන දත්ත පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.මේ සම්බන්ධව මුලික සාකච්චාවක් නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ලේකම්තුමා, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා, අධ්‍යක්ෂ ජනරාල් තුමිය හා කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජේෂ්ඨ මහාචාර්ය වසන්තා සුභසිංහ මහත්මිය ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පසුගියදා පැවැත්වින.