කොළඹ නගරයේ සහ අනෙකුත් අදාළ නාගරික මධ්‍යස්ථානවල අඩු පහසුකම් සහිත ජනාවාසයන්හි නිවාස ඒකක වැඩි දියුණු කිරීම පිණිස ඉදිකිරීම් කටයුතු සිදු කිරීම සඳහා “නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය” යන නමින් ආයතනයක් ස්ථාපිත කිරීම සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ස්ථාපිත කිරීමෙන් පසුව එවකට ක්‍රියාත්මක වූ “තිරසර පුරවර” වැඩසටහන ක්‍රියාවට නැංවීමේ අරමුණින් සමාගම් පනත යටතේ රාජ්‍ය සමාගමක් ලෙස 1998 දෙසැම්බර් 7 වැනි දින ලියාපදිංචි කර තිබූ රියල් එස්ටේට් එක්ස්චේන්ජ් (ප්‍රයිවට්) ලිමිටඩ් (REEL) ඈවර කිරීම සහ එම සමාගමේ කාර්ය මණ්ඩලය අලුතින් පිහිටුවනු ලැබූ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය වෙතට අන්තර්ග්‍රහණය කිරීම මෙන්ම එහි සියලු වත්කම් සහ බැරකම් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය වෙත පැවැරීම 2006 මාර්තු 08 දිනැති අමප/06/0381/226/021 දරණ තීරණයට ලත් අනුමැතිය අනුව සිදුවිය. ඒ අනුව, 2008 අංක 36 දරන නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය පනත ප්‍රකාරව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ස්ථාපිත කරනු ලැබූ අතර, 2008 ඔක්තෝබර් මස 23 වැනි දින එකී පනත සහතික කරනු ලැබීය.
එකී පනත අනුව තිරසාර නාගරික ජනාවාස සංවර්ධනයක් ඇතිවන බවට සහතික වීම පිණිස දැනට පවතින නිවාස ඒකක වැඩිදියුණු කිරීම මගින් හෝ වඩාත් යහපත් නිවාස පහසුකම් සහ සේවා පහසුකම් ලබා දී අසංවිධිතව, අක්‍රමත්ව සහ සෞඛ්‍යාරක්‍ෂිත නොවන අයුරින් බිහි වී ඇති නාගරික ජනාවාසවල වෙසෙන ප්‍රජාවගේ ජීවන තත්වය නගා සිටුවීම නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ මුඛ්‍ය අරමුණ වේ. ඒ සඳහා අවශ්‍ය විධිවිධාන 2008 අංක 36 දරණ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය පනතින් සලස්වා ඇත.
අධිකාරියෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ නාගරික ප්‍රදේශවල ජීවත් වන අඩු ආදායම්ලාභී ප්‍රජාව සහ මධ්‍යම පාන්තික ප්‍රජාව සමාජ, ආර්ථික හා සංස්කෘතික වශයෙන් සවිබල ගැන්වීම. වර්තමානය වන විට මුඵ නාගරික ප්‍රදේශ 341 න් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශිත නාගරික බල ප්‍රදේශ 273 ක අඩු ආදායම්ලාභීන්ගේ ජනාවාස සංවර්ධනය සඳහා අධිකාරී පනතෙන් බලය පවරා දී ඇත. තවද ආණ්ඩුවේ මුදල් කාර්ය පටිපාටියට යටත්ව, පැල්පත් හා මුඩුක්කුවල වාසය කරන තැනැත්තන්ගේ නිවාසවල තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා එම තැනැත්තන්ට මුදල් ප්‍රදානයන් ලබා දීම, මුඩුක්කු සහ පැල්පත් නිවාසවල වෙසෙන ප්‍රජාවගේ තත්ත්වය උසස් කිරීම සඳහා කටයුතු කිරීම සහ එවැනි ජනාවාස ප්‍රදේශ සංවර්ධනය කිරීම උදෙසා වැඩ කිරීම, නාගරික පදිංචිකරුවනට මහල් නිවාස, නිවාස හෝ වෙනත් වාසස්ථාන පහසුකම් මිලදී ගැනීම සඳහා අධීක්ෂණය කරනු ලැබීමට යටත් ණය යෝජනා ක්‍රම ලබා දීම සහ කළමනාකරණය කිරීම ද පවරා දී ඇත.
අවිධිමත් සංවර්ධනයේ අනිවාර්ය ප්‍රතිඵලයක් වන නාගරීකරණය තුළ අඩු පහසුකම් ජනාවාස ඇතිවීම එම සංවර්ධනයේම අතුරු ඵලයක් වන අතර, එහි ජීවත්වන පුද්ගලයින්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳව රාජ්‍ය මට්ටමින් අවධානය යොමු කිරීම මේ වන විට යුගයේ අවශ්‍යතාවයක්ව පවතී. මෙම ජනාවාසවල ජීවත්වන මිනිසුන් තුළ පවතින අඩු පහසුකම් නිසා ඔවුන් ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, සෞඛ්‍යමය වශයෙන් සහ සංස්කෘතික වශයෙන් මහා සමාජය තුළ උදව් අවැසි කණ්ඩායමක් බවට පත්ව ඇත.
අප අධිකාරිය මගින් මෙම තත්වය හඳුනාගෙන මෙම අඩු පහසුකම් ජනාවාසවල වාසය කරන පවුල් ආර්ථික, සමාජීය, සංස්කෘතික වශයෙන් සවිබල ගැන්වීම සඳහා නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ අනුව ළමා සංවර්ධන වැඩසටහන්, කාන්තා ව්‍යවසායකත්ව වැඩසටහන්, ඉතුරුම් හා ණය වැඩසටහන්, සමාජීය හා සංස්කෘතික වැඩසටහන්, ප්‍රජා නායකයින් බලගැන්වීම් සහ ජනාවාස කමිටු සහ කණ්ඩායම් වශයෙන් ජනතාව සංවිධානගත කිරීම මූලිකව කෙරේ. ඒ යටතේ විශේෂ ප්‍රතිලාභී කණ්ඩායම් ලෙස දරු දැරියන්, කාන්තාවන්, රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්, ස්වයං රැකියා වල නියුක්තිකයන්, පුහුණු නුපුහුණු ශ්‍රමිකයින් සහ වැඩිහිටි ප්‍රජාව සදහා බහුවිධ මානව සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. මෙම කණ්ඩායම් අතුරින් දරු දැරියන් ප්‍රධාන කොට සැලකෙන්නේ භෞතික සංවර්ධන වැඩසටහන යටතේ නව නිවසක අයිතිය මොවුනට හිමිවන විට ධනාත්මක අනාගතයක් සදහා බලපැම් කළ හැකි කණ්ඩායම ඔවුන් වන බැවිනි. ඒ අනුව දරු දැරියන් සදහා ක්‍රියාත්මක කරනු ලබන මානව සංවර්ධන වැඩසටහන් ලෙස අධ්‍යාපන සංවර්ධන වැඩසටහන්, රසවින්දන වැඩසටහන්, ඉතුරුම් වැඩසටහන්, පරිගණක දැනුම ලබාදීමේ වැඩසටහන්, සංස්කෘතික සංවර්ධන වැඩසටහන්, උපකාරක පංති වැඩසටහන් සහ අදායම් මාර්ග සදහා යොමු කිරීමේ වැඩසටහන් සැලකීමට හැකිවේ.
එසේම ඔවුන්ට වඩාත් සෞඛ්‍යය සම්පන්නව ආරක්‍ෂිතව ආත්ම අභිමානයෙන් යුතුව ජීවත්වීම සඳහා නිවාසකරණය මුල්තැනට ලා අප කටයුතු කරන අතර, ඔවුන්ගේ ද සහභාගීත්වය ඇතිව භෞතික සංවර්ධන වැඩසටහන් වශයෙන් නිවාස යෝජනා ක්‍රම ද ක්‍රියාත්මක කෙරේ. මෙම කර්තව්‍යයන් දෙවදෑරුම් ප්‍රවේශයක් ඔස්සේ ක්‍රියාත්මක වේ.