නාගරික මහල් නිවාස සංකීර්ණවල පදිංචි දරුවන් සහකම්පනයක් සහිත සුබවාදී ආකල්පවලින් පිරිපුන් දරු පරපුරක් බවට පරිවර්තනය කිරීම සඳහා ‘සාම ළමා සමාජ’ ජාතික වැඩසටහන ආරම්භ කර ඇත….!
මෙම සමාරම්භක වැඩසටහන කොළඹ 15, මෝදර, හේනමුල්ල, ‘මිහිජය සෙවණ’ නිවාස සංකීර්ණය කේන්ද්‍රකර ගනිමින් අද දින (2026.08.17) ආරම්භ කෙරිණ. …!
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ජාතික සමගිය සහ ප්‍රතිසංධානය සඳහා වූ කාර්යාලය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංහිඳියාවේ දරුවන් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන නිර්මාණය කර ඇත….!
කොළඹ නාගරික මහල් නිවාස සංකීර්ණවල පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වය නැංවීම සඳහා ක්‍රියාත්මක කර ඇති භෞතික යටිතල පහසුකම් සංවර්ධනයට සමගාමීව මෙම ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කර ඇත. ඒකාකාරී සීමා මායිම් මධ්‍යයේ සංකීර්ණ දිවි පෙවෙතකට දිගුකාලීනව අනුගතව සිටින මහල් නිවාස වැසියන් සහ ඔවුන්ගේ දූ දරුවන් ආකල්පමය වෙනසක් තුලින් බලගැන්වීම මෙමගින් අපේක්ෂා කෙරේ. විවිධ ජාතීන්, ආගම්, සමාජ ස්ථරයන් සහිත ජන කොට්ඨාස අතර විශ්වාසය, ආදරය, සහකම්පනය, සහෝදරත්වය වර්ධනය කිරීමත් දූෂණය, අපචාර, අක්රමිකතාවන් පිටුදකින ලද නීතිගරුක පුරවැසියෙකු කුඩාකල සිට ගොඩනංවා අනාගතය වෙනුවෙන් නිර්මාණය කරගැනීමත් මෙහි දිගුකාලීන සැලසුම වේ….!
මෙම වැඩපිළිවෙල 2026 වසර තුලදී කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ පහක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ යටතේ කොළඹ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ‘මිහිජය සෙවණ’, ‘රන්දිය උයන’, ‘මුවදොර උයන’, ‘සිරිමුතු උයන’ සහ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ‘ලක්සඳ සෙවණ’ යන මහල් නිවාස සංකීර්ණවල පදිංචි දරුවන් වෙනුවෙන් මෙම ළමා සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. කුසලතා පිරිපුන්, සමාජ වගකීම් දැරිය හැකි, පෞරුෂයක් සහිත දරුවෙකු නිර්මාණයට අමතරව පාසල් අතරමග හැරදමා ගිය සහ පාසල් නොයන දරුවන් සඳහා විධිමත් අධ්‍යාපනයක් නැවත ලබාදීම මෙම වැඩසටහනේ විශේෂ අරමුණකි….!
මෙම අවස්ථාවට ජාතික සමගිය සහ ප්‍රතිසංධානය සඳහා වූ කාර්යාලයේ සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු, එහි සහකාර අධ්යක්ෂ සුසන්ත කුමාර, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති අසංක අබේවර්ධන, එහි අධ්යක්ෂ ජනරාල් තුෂාරි ප්‍රියංකා ද සිල්වා, අධ්යක්ෂ ආර්.ඒ. සුසන්ත, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරකවරුන් වන එම්.ඩබ්ලිව්.ඩී. නදීශා, දමිතා තිලකරත්න, කොළඹ මහ නගර සභාවේ ජාතික ජන බලවේග නාගරික මන්ත්‍රී (මෝදර කොට්ඨාසය) නිහාල් පතිරගේ, ‘මිහිජය සෙවණ’ ප්‍රජා කමිටු සභාපති ඒ. අෂ්රොෆ්, ප්‍රවීණ රංගන ශිල්පිනී චමිලා පීරිස්, මාදම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එන්. ශ්‍රියන්ත මෙන්ඩිස් යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ‘මිහිජය සෙවණ’ මහල් නිවාසහි පදිංචි දූ දරුවන් රැසක් එක්ව සිටියහ….!
























