උතුරු කොළඹ ෆර්ගියුසන් පාර, මහවත්ත කොට්ඨාසයේ මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ පැවති ‘අකුර’ පුස්තකාලය සංවර්ධනය කර ඊට සමාන්තරව ආරම්භ කරන ලද නව පරිගණක පුහුණු මධ්‍යස්ථානය මහල් නිවාසවල පදිංචි දරුවන් සඳහා නිල වශයෙන් භාර දීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (09.28) සිදු කෙරිණි…!
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරියට (UDA) අයත් මහල් නිවාස සංකීර්ණයේ බිම් මහලේ ස්ථාපිත පරිගණක පුහුණු මධ්‍යස්ථානය නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ (USDA) සමාජ සජීවීකරණ අංශය මගින් ආරම්භ කර නඩත්තුකරණය සිදු කෙරේ…!
මහල් නිවාසවල පදිංචි දරු දැරියන්ගෙන් සැදුම් ලත් ‘සාම ළමා සමාජය’ විසින් විචිත්‍රවත් නර්තන අංගයන් ඇතුළත් ප්‍රසංගයක්ද මෙහිදී ඉදිරිපත් කෙරිණි…!
මෙම අවස්ථාවට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති J.S.D.M අසංක අබේවර්ධන, එහි අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි ප්‍රියංකා ද සිල්වා, එහි සහකාර අධ්‍යක්ෂිකා (සමාජ සජීවීකරණ) මධුරාණි පුෂ්පා යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු සහ මහල් නිවාසවල පදිංචි දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ…!






















