ලෝක ජනාවාස සැමරුම් දිනය වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ (USDA) මෙහෙයවීමෙන් මහල් නිවාස හා නාගරික ජනාවාසයන්හි ජීවත්වන දරුවන්ගේ කුසලතා සහ ආකල්ප වර්ධනයට ළමා වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කර ඇත….!
මුළු දිවයිනම ආවරණය වන පරිදි නාගරික අඩු පහසුකම් සහිත ජනාවාස සහ මහල් නිවාසයන්හි ජීවත්වන දුවා දරුවන්ගේ නිර්මාණශීලී කුසලතා හා ආකල්ප වර්ධනය කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇත….!
ඒ අනූව පසුගිය 19 වෙනි දින ළමා සිතුවම් තරඟයක් සංවිධානය කොට තිබුන අතර එම තරඟාවලිය විහාරමහාදේවී උද්‍යානයේ දී පැවැත්විය…!

























